Watch : කෝලිගේ, ඩු ප්ලෙසිස්ගේ හා මැක්ස්වෙල්ගේ ඉනි ගැල වී ගිය හැටි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පළමු කඩුලු හතරම එකම ආකාරයකට දවා ගනිමින් සුවිශේෂි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය වන මෙම තරගය කොල්කටා හි ඊ්ඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී යි අද රාත්‍රියේ ආරම්භ වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කොල්කටා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 204 ක් ලබා ගනිමින්.

ශර්දුල් තාකූර් පන්දු 29 කින් ලකුණු 68 ක් රැස් කළ අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 57 යි. රින්කු සිං ලකුණු 46 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී හා කර්න් ෂර්මා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී බැංගලෝර් කණ්ඩායමේ පළමු කඩුලු 4ම දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

විරාට් කෝලි, ෆෆ් ඩු ප්ලෙසිස්, ග්ලේන් මැක්ස්වෙල් හා හර්ෂාල් පටෙල් යන පිතිකරුවන් එලෙස දැවී ගියා.

කෝලිගේ කඩුල්ල සුනිල් නරේන් විසින් දවා ගත් අතර, සෙසු කඩුලු තුනම දවා ගත්තේ වරුන් චක්‍රවර්තී විසින්.

එම කඩුලු 4 දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...