චන්දික හතුරුසිංහට සහායකයෙක් නම් කෙරේ

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Nic Pothas පත් කර තිබෙනවා.

ඉදිරි වසර දෙකක කාලය සදහා මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ඔහු මැයි මාසයේ දී එංගලන්තයේ Chelmsford හී දී බංග්ලාදේශ සංචිතය සමග එක්වීමට නියමිතයි.

අයර්ලන්තය සමග තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහායි මැයි මාසයේ දී බංග්ලාදේශ කණ්ඩායම Chelmsford වෙත පිටත්ව යාමට නියමිතව ඇත්තේ.

49 හැවිරිදි Nic Pothas මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හා ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබුණා.

ඔහු අවසන් වරට Hampshire කණ්ඩායමේ කඩුලු රකින පුහුණුකරු ලෙසයි කටයුතු කළේ.

මේ වන විට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා කටයුතු කරන අතර, වේග පන්දු පුහුණුකරු ලෙස ඇලන් ඩොනල්ඩ් ද, දග පන්දු පුහුණුකරු ලෙස රංගන හේරත් ද කටයුතු කරනවා.

Jamie Siddons පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, Shane McDermott පන්දු රැකීමේ පුහුණුකරු ලෙසයි කටයුතු කරන්නේ.

Nic Pothas දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 3 ක් ක්‍රීඩා කර ඇති අතර, පළමු පෙල තරග 218 ක්, එක්දින තරග 236 ක් හා 20යි 20 තරග 79 ක් ඔහු ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...