Update : ශ්‍රී ලංකාවෙන් පුහුණු තරගයට වේගවත් ආරම්භයක්

Date:

මෙවර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය මේ වන විට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙයිග් අර්වින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවාර 10 ක් නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 96 ක්.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 57 ක්.

පැතුම් නිස්සංක පන්දු 15 කදී ලකුණු 21 ක් ලබා සිටියදී දැවී ගියා. ඒ, බ්‍රැඩ් එවන්ස් යොමු කළ පන්දුවකට ක්‍රෙයිග් අර්වින් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්. ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත්.

පවර්ප්ලේ හෙවත් පළමු පන්දුවාර 6 නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ කඩුල්ලක් දැවී ලකුණු 62 ක් ලෙසයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 29 කින් ලකුණු 54 ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 6 ක් සමගින්.

පන්දුවාර 10 ක් නිමා වන විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 17 ක් ද ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 2 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...