ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට ; කණ්ඩායම් දෙක මෙන්න

Date:

‍මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග පැවැත්වෙන දෙවන දිනය අදයි(11).

අද දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට එක්වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගය ඊයේ දිනයේ දී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ නමුත්, සිම්බාබ්වේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණීමේ දී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් තරගය අද දිනය දක්වා කල් දැමුණා.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පුහුණු තරගය මෙල්බර්න් නුවර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ සිම්බාබ්වේ නායක ක්‍රෙයිග් අර්වින්.

ඔහු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Pathum Nissanka, Kusal Mendis, Dhananjaya de Silva, Danushka Gunathilaka, Bhanuka Rajapaksa(w), Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Maheesh Theekshana, Dilshan Madushanka

Zimbabwe XI :

Regis Chakabva(w), Craig Ervine(c), Wesley Madhevere, Sean Williams, Sikandar Raza, Milton Shumba, Ryan Burl, Tony Munyonga, Luke Jongwe, Wellington Masakadza, Richard Ngarava

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...