Update : මැතිව්ස් – චන්දිමාල් සබදතාවය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය අභිබවා යයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි(26).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 369ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 93ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

චන්දිමාල් අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 22 වැනි අර්ධ ශතකයයි.

මැතිව්ස් හා චන්දිමාල් අතර මේ වන විට 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 103ක්.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 282ක් ලබා සිටියා. අද දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 87ක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 80(155)ක්, ධනංජය ද සිල්වා ලකුණු 58(95)ක් හා ඕෂද ප්‍රනාන්දු ලකුණු 57(91) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 70කට කඩුලු 3ක් හා එබඩොට් හොසේන් ලකුණු 99කට කඩුලු 2ක් දවා ගත්තා.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 4ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...