ප්‍රබල සරේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා නැගී එන පිලට කඩුලු 9ක පරාජයක්

Date:

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරය යටතේ පැවැති පළමු 20යි 20 තරගයෙන් සරේ කණ්ඩායම පහසු ජයක් වාර්තා කිරීමට මෙරට වේලාවෙන් අද(26) අලුයම සමත් වුණා.

ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ඔවුන් ජය වාර්තා කළේ කඩුලු 9කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ සරේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106ක් පමණයි.

අශේන් බණ්ඩාර ලකුණු 33ක් ද, නායක ධනංජය ලක්ෂාන් ලකුණු 27ක් ද රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුට ප්‍රබල සරේ පන්දු යැවීමේ බලඇණිය හමුවේ ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී රීස් ටොප්ලි ලකුණු 13කට කඩුලු 3ක් බිද හෙලූ අතර, සෑම් කරන් හා ජෙමී ඕවර්ටන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සරේ පිල පන්දුවාර 9.4ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජේසන් රෝයි ලකුණු 11කට දවා ගැනීමට උදිත් මදුෂාන් සමත් වුණා.

විල් ජැක්ස් පන්දු 31කින් ලකුණු 58 ක් ද, ඔලී පෝප් පන්දු 20කින් ලකුණු 31ක් ද නොදැවී වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා පහසුවෙන් රැගෙන ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...