U19 CWC Update : ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු අර්ධයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට

Date:

යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත කිට්ස් හී දී පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිස ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකරුවන්ට සාර්ථක පිතිහරඹයක නිරත වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 25ක් අවසන් වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98ක්.

පළමු කඩුලු දෙකම දවා ගැනීමට සමත් වුණේ ට්‍රෙවීන් මැතිව් විසින්.

ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 12ක්ව තිබියදී පළමු කඩුල්ල බිද වැටුණු අතර, දෙවැනි කඩුල්ල බිද වැටුණේ ලකුණු 46දීයි.

තෙවැනි කඩුල්ල සධීෂ රාජපක්ෂ විසින් දවා ගත්තා.

ඒ වන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 61ක් ලෙසයි.

පළමු කඩුලු තුනේ දර්ශන පහතින් –

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...