Toss Report : ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය කොදෙව්වන්ට

Date:

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව් නායක රොව්මන් පවෙල් සමත් වුණා.

ඒ අනුව ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි තීරණය කළේ. තරගය දඹුල්ලේ දී පැවැත්වෙනවා.

වර්ෂාවෙන් සිදු වූ බාධා වීම හේතුවෙන් තරගයේ ආරම්භය මිනිත්තු 30 කින් ප්‍රමාද කිරීමට සිදුව ඇති අතර, ඒ අනුව තරගය රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි. කාසියේ වාසිය ද උරගා බැලුණේ නියමිත වේලාවට වඩා මිනිත්තු 30 ක ප්‍රමාදයකින් පසුවයි.

මීට පෙර නිවේදනය කෙරුණු පරිදි මෙම තරගය සදහා භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා.

කොදෙව්වන් වෙනුවෙන් Shamar Springer මෙම තරගයේ දී විස්සයි 20 ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Pathum Nissanka, Kusal Mendis, Kusal Janith Perera, Kamindu Mendis, Charith Asalanka (C), Bhanuka Rajapaksa, Wanindu Hasaranga, Chamindu Wickramasinghe, Maheesh Theekshana, Matheesha Pathirana, Asitha Fernando

West Indies XI :

Evin Lewis, Brandon King, Shai Hope, Roston Chase, Sherfane Rutherford, Rovman Powell, Shamar Springer, Romario Shepherd, Alzarri Joseph, Gudakesh Motie, Shamar Joseph

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...