මුම්බායි ඉන්දියන්ස් නව පුහුණුකරු ධූරය යළිත් මහේලට

Date:

මුම්බායි ඉන්දියන්ස් (MI) කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන යළි පත් කර තිබෙනවා.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙතෙක් දකුණු අප්‍රිකාවේ මාර්ක් බවුචර් කටයුතු කළ නමුත්, 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔවුන්ට හිමි වූයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

මහේල මීට පෙර 2017 වසරේ සිට 2022 වසර දක්වා එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

අනතුරුව ඔහුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සමූහයේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානී (global head of performance) තනතුරට උසස් කෙරුණා.

එහිදී ඔහු විසින් MI හිමිකරුවන්ට අයත් මුම්බායි ඉන්දියන්ස් (IPL), MI එමිරේට්ස් (ILT20), MI කේප් ටවුන් (SA20) හා MI නිව් යෝර්ක් (MLC) යන කණ්ඩායම්හි අධීක්ෂණ කටයුතු සිදු කළා.

විස්සයි 20 ක්‍රිකට් පිටියේ වඩාත් සාර්ථක පුහුණුකරුවෙකු ලෙස මහේල ජයවර්ධන සැලකෙන අතර, ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි කණ්ඩායම අවස්ථා තුනකදී IPL ශූරතාවය දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...