රාජස්ථානය ලකුණු 59 කට දවා ගනිමින් බැංගලෝර් පිලට දැවැන්ත ජයක්

Date:

ෆෆ් ඩු ප්ලෙසිස් හා ග්ලේන් මැක්ස්වෙල් වාර්තා කළ අර්ධ ශතක මෙන්ම අනුජ් රාවත්ගේ වේගවත් ඉනිමත්, පන්දු යවන්නන් දැක් වූ දක්ෂතාත් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා ලකුණු 112 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(14) සමත් වුණා.

ජායිපූර්හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 10.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 59 ක් පමණයි. මෙය අයි.පී.එල් තරගයක කණ්ඩායමක් වාර්තා කළ තෙවැනි අවම ලකුණු සංඛ්‍යාවයි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ යශස්වි ජයිස්වාල් හා ජොස් බට්ලර් ලකුණු නොලබා දැවී ගිය අතර, සංජු සැම්සන් ලකුණු 4 යි. ජෝ රූට් ලකුණු 10 කට දැවී ගියා. ශිම්රන් හෙට්මයර් රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 19 කින් ලකුණු 35 ක් රැස් කරමින්. හයේ පහර 4 ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

වේන් පාර්නෙල් ලකුණු 10 කට කඩුලු 3 ක් දවා ගත් අතර, වනිදු හසරංග වෙනුවට කණ්ඩායමට පැමිණි මයිකල් බ්‍රේස්වෙල් හා කර්න් ෂර්මා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිල වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 44 කින් ලකුණු 55 ක් ද, ග්ලේන් මැක්ස්වෙල් පන්දු 33 කින් ලකුණු 54 ක් ද ලබා ගත්තා.

ඉනිමට අවශ්‍ය වූ වේගවත් අවසානය ලබා දුන් අනුජ් රාවත් පන්දු 11 කින් ලකුණු 29 ක් නොදැවී රැස් කළා. ඒ, හයේ පහර දෙකක් හා හතරේ පහර 3 ක් සමගින්.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා හා කේ එම් අසිෆ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...