ගේල්ගේ 99 අපතේ යයි – රාජස්ථානයට කඩුලු 7ක ජයක් – Match Report

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ඔවුන් තරගාවලියේ 50 වන තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 185ක් ලබා ගත්තා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිස් ගේල් පන්දු 63කින් ලකුණු 99ක් ලබා සිටියදී දැවී ගියා.

ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්. (දර්ශන මෙතනින් නරඹන්න)

නායක කේ.එල්.රාහුල් ලකුණු 46යි.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් සහ බෙන් ස්ටොක්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 17.3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බෙන් ස්ටොක්ස් පන්දු 26කින් ලකුණු 50ක් ලබා ගත් අතර, සංජු සැම්සන් පන්දු 25කින් ලකුණු 48ක් රැස් කළා.

මෙම තරගයෙන් පරාජයට පත් වුවද අවසන් වටයට සුදුසකම් ලැබීමේ හැකියාව තවදුරටත් පංජාබ් කණ්ඩායම ද සතු වනවා.

මේ වන විට රාජස්ථාන් කණ්ඩායම සහ පංජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු 12 බැගින් රැස් කර ගෙන සිටින අතර, පංජාබ් පිල ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේත්, රාජස්ථාන් කණ්ඩායම 5 වන ස්ථානයේත් රැදී සිටිනවා.

BCCI /IPL T20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...