ශහීන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ටේලර්ගේ ශතකය අපතේ යයි – Match Report

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 26ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

රාවල්පින්ඩි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 281ක් ලබා ගත්තා.

හැරිස් සොහයිල් ලකුණු 71ක් සහ ඉමාම් උල් හක් ලකුණු 58ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Blessing Muzarabani සහ Tendai Chisoro කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 49.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 255ක් පමණයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය 11 වන ශතකය වාර්තා කළ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 112ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා.

හයේ පහර 3කින් සහ හතරේ පහර 11කින් ඔහුගේ ඉනිම වර්ණවත් වූ නමුත්, සිම්බාබ්වේ පිලට තරගය ජය ගැනීම සදහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 5ක් සහ වහාබ් රියාස් කඩුලු 4ක් බිද හෙලුවා.

මෙය බබාර් අසාම් එක්දින තරගයකදී පාකිස්තාන කණ්ඩායම මෙහෙය වූ පළමු අවස්ථාව ද වීම විශේෂත්වයක්.

ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පාකිස්තානය ක්‍රීඩා කළ පළමු තරගය ද මෙය වන අතර, මෙම ජයත් සමග ඔවුන්ට හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10ක්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලබන පළමු වැනිදා රාවල්පින්ඩිහී දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...