“ඒ වෙලාවේ මම TV එක ඕෆ් කරා” – ඉසුරු කළ සම්මුඛ සාකච්ඡාව මෙන්න

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන RCB TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තම ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් අදහස් පල කර තිබෙනවා.

එහිදී ඔහු සදහන් කළේ තමා ජාතික කණ්ඩායමට පැමිණීමෙන් පසුව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන තමාට බොහෝ සෙයින් උපකාර කළ බවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අතරමගදී තමාගේ නම පළමුවරට අලෙවි නොවීමෙන් පසුව තමා රූපවාහිනිය ක්‍රියාවිරහිත කර දැමූ බව ද ඉසුරු මෙහිදී කියා සිටියා.

තමාව බැංගලෝර් පිල විසින් මිලදී ගත් බව තමා දැනගත්තේ පසුව බවයි ඔහු සදහන් කළේ.

සිය වේගය අඩාල කර යැවීමේ පන්දුව පිළිබද තමා අහම්ඹයෙන් දැන හදුනා ගත් බවත්, තමාට ඒ.බී. ඩි විලියස්ට පන්දු යැවීමට අවශ්‍ය නොවීම හේතුවෙන් බැංගලෝර් කණ්ඩායමට තේරීම සම්බන්ධයෙන් සතුටට පත් වන බවත්, ඉසුරු කියා සිටියා.

තමාට දකුණු අප්‍රිකාවේ දී ලද විවාහ යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී ඉසුරු උදාන අදහස් දක්වා සිටියා.

සම්මුඛ සාකච්ඡාව සදහා කිහිපවරක්ම බැංලෝර් ක්‍රීඩක ප්‍රාතිව් පටෙල් විසින් බාධා එල්ල කිරීම ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කරුණක්.

දර්ශන පහතින් නරඹන්න – (you tube ඔස්සේ නැරඹීමට මෙතන් ක්ලික් කරන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...