ඉන්දියාව කළ පැමිණිල්ලක් නිසා ප්‍රේක්ෂකයින් 6 දෙනෙකු ක්‍රීඩාංගනයෙන් ඉවත් කෙරේ

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඩ්නි හී දී පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද(10) දිනයේ දී ප්‍රේක්ෂකයින් 6 දෙනෙකු ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා.

ඒ, ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් විනිසුරුවන් වෙත කළ පැමිණිලි කිරීමකින් පසුවයි.

තරගයේ දෙවන හා තෙවන දිනයේ දී ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් සිරාජ් වාර්ගික අපයෝජනයට ලක්වූ බවට නිල වශයෙන් පැමිණිලි කර ඇති පසුබිමකයි අද දිනයේ දී මෙම සිදුවීම දැක ගත හැකි වුණේ.

තේ පානයට පෙර මෙය සිදු වූ අතර, එහිදී fine leg කලාපයේ පන්දු රකිමින් සිටි මොහොමඩ් සිරාජ් විනිසුරුවන්ට සිදු කළ පැමිණිලි කිරීම හේතුවෙන් තරගය මිනිත්තු 10කට ආසන්න කාලයක් තාවකාලිකව නතර කිරීමට ද සිදු වුණා.

අදාළ ප්‍රේක්ෂකයින් විසින් මොහොමඩ් සිරාජ්ට කුමක් සදහන් කර ඇත්දැයි මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

එම අවස්ථාවේ දී විනිසුරුවරුන් සහ ආරක්ෂක නිළධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ ප්‍රේක්ෂකයින් හදුනා ගැනීමට සුළු වේලාවන් ගත කළ අතර, අනතුරුව එම ප්‍රේක්ෂකයින් ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...