ඉන්දියාව ජයග්‍රහනයට ලකුණු 309ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(10) නිමා වුණා.

ඒ වන විට ලකුණු 407ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව සිය දෙවන ඉනිම සදහා කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98ක්.

රෝහිට් ෂර්මා ලකුණු 52ක් සහ ෂුබ්මන් ගිල් ලකුණු 31ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 71ක්.

පන්දු යැවීමේ දී ජොෂ් හෙසල්වුඩ් සහ පැට් කමින්ස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

සිඩ්නිහී දී පැවැත්වෙන තරගය අද දිනට ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 6ක් දැවී ලකුණු 312ක් ලබා සිටියදීයි.

ස්ටීවන් ස්මිත් ලකුණු 81ක් සහ මර්නස් ලබුෂේන් ලකුණු 73ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළා.

කැමරන් ග්‍රීන් ලකුණු 84යි.

පන්දු යැවීමේ දී නව්දීප් සයිනි සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 338ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 244ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඉන්දියාව හෙට දිනයේ දී තවත් ලකුණු 309ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...