බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැති The 6IXTY හෙවත් නවතම පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ක්‍රීඩා කළ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ අවසන් මහා තරගයේ දී කඩුලු 3 කින් පරාජයට පත් වූයේ සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කළ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.
ශාන්ත කිට්ස් හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 9.3 ක් අවසානයේ සියලු දෙනා දැවී (නියමිත කඩුලු 6) ලබා ගත හැකි වූයේ ලකුණු 84 ක් පමණයි.
අන්ඩ්‍රි රසල් ලකුණු 22(13) කට දුවද්දී දැවී ගිය අතර, ටිම් සෙයිෆර්ට් පන්දු 25 කින් ලකුණු 37 ක් නොදැවී ලබා ගත්තා. සීක්කුගේ ප්‍රසන්න පළමු පන්දුවෙන්ම දැවී ගියා.
පන්දු යැවීමේ දී ඩොමිනික් ඩ්‍රෙක්ස් ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත්තා. අකිල ධනංජය එක් කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 15 ක් ලබා දෙමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඇන්ඩ්‍රි ෆ්ලෙචර් නොදැවී ලකුණු 27(23) ක් හා එවින් ලුවිස් ලකුණු 32(16) ක් රැස් කළා. ක්‍රිස් ගේල් නොදැවී ලකුණු 15(16)යි.
පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත්තා.
තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය දිනා ගත්තේ බාර්බඩෝස් රෝයල්ස් කාන්තා කණ්ඩායමයි.

