එංගලන්තයේ ආබාධ අර්බුදය උග්‍ර වෙයි ; ලිවින්ග්ස්ටන් පන්දු සියයෙන් ඉවතට

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 7 කින් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අභියසදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධවලට ලකවීමේ ගැටලුව මේ වන විට උග්‍ර අතට හැරී තිබෙනවා.

ඒ, ප්‍රහාරාත්මක පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන් ද ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර එංගලන්තයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ ඉතිරි තරගවලින් ඉවත් වීමත් සමගයි.

Birmingham Phoenix කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු 2021 වසරේ දී The Hundred තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ වන විට ඔහු වළලුකර ආබාධයකට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවත් සදහන්.

එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ජොස් බට්ලර්, ජේසන් රෝයි, ක්‍රිස් ජෝර්ඩන්, ටිමාල් මිල්ස් හා රිචර්ඩ් ග්ලීසන් ද මේ වන විට ආබාධවලට ලක්ව සිටිනවා.

ජොෆ්ර ආචර්, Brydon Carse, සකිබ් මහ්මූද්, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස් හා මාර්ක් වුඩ් යන ක්‍රීඩකයින්ට ද මේ වන විට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීමට සිදුව ඇත්තේ ආබාධවලට ගොදුරුව සිටීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...