Tammy ගේ වාර්තාගත ද්විත්ව ශතකය පසෙකලා ඔස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේ

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(25).

නොටින්හැම් හි පැවැත්වෙන තරගය තෙවැනි දිනයට නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 82 ක් ලබා සිටියා.

Beth Mooney නොදැවී ලකුණු 33 ක් හා Phoebe Litchfield නොදැවී ලකුණු 41 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 218ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 463 ක්.

Tammy Beaumont පන්දු 331 කින් ලකුණු 208 ක් රැස් කිරීම විශේෂත්වයක්. හතරේ පහර 28 ක් ඇයගේ වාර්තාගත ඉනිම වර්ණවත් කළා.

එම ඉනිම ඉතිහාසගත වුණේ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩිකාවක් රැස් කළ පළමු ද්විත්ව ශතකය ලෙසයි. එංගලන්තය වෙනුවෙන් පිතිකාරිණියක් ටෙස්ට් ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කළ ඇය කාන්තා ටෙස්ට් ඉතිහාසයේ පිතිකාරීණියක් වාර්තා කළ 8 වැනි ද්විත්ව ශතකයේ හිමිකාරිණිය බවට පත් වුණා.

Nat Sciver-Brunt ලකුණු 78 කට දැවී ගිය අතර, Heather Knight ලකුණු 57 යි. Danni Wyatt ලකුණු 44 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Ashleigh Gardner ලකුණු 99 කට කඩුලු 4 ක් දවා ගත් අතර, Tahlia McGrath ලකුණු 24 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම Annabel Sutherland නොදැවී රැස් කළ ලකුණු 137 න් හා Ellyse Perry ලබා ගත් ලකුණු 99 න් ශක්තිමත් වෙමින් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 473 ක් ලබා ගත්තා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 92 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...