T20 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව අයි.සී.සීයෙන් කල් ඉල්ලයි

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් තවත් කාලයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අද අතථ්‍ය ලෙස පැවැති එරට ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමේ දී යි.

ඒ අනුව අදාළ තීරණය ගැනීම සදහා ජූලි මුල් සතිය දක්වා අයි.සී.සීයෙන් කල් ලබා ගැනීමටයි ඉන්දීය ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන්නේ.

ජූනි පළමු වැනිදා පැවැත්වෙන අයි.සී.සී රැස්වීමේ දී 20යි 20 ලෝක කුසලානය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණා.

ඒ සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ද එක්වීමට නියමිතයි.

ඉන්දියාවේ ව්‍යාප්තව ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා අදාළ අයි.සී.සී රැස්වීමේ දී තීරණයක් ගනු ඇති බවටයි මීට පෙර වාර්තා පල වුණේ.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ මෙම ඉල්ලීම හේතුවෙන් එම තීරණය කල් දැමීමට අයි.සී.සීය කටයුතු කිරීමට ද ඉඩ තිබෙනවා.

මෙවර 20යි 20 ලෝක කුසලානය ඔක්තෝබර් 18 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එය ක්‍රීඩාංගන 9කදී පැවැත්වීමටයි පසුගිය මාසයේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

ඒ අනුව ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයේ දී අවසන් මහා තරගය පැවැත්වීමට තීරණය කෙරුණු අතර, දිල්ලි, මුම්බායි, චෙන්නායි, කොල්කටා, බැංගලෝර්, හයිදරාබාද්, ධරම්සාලා සහ ලක්නව් යන ක්‍රීඩාංගනවලදී ද තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...