ඉන්දීය C කණ්ඩායමත් ලංකාව පරද්දයි : අක්මාල්ගෙන් ප්‍රබල උපහාසයක්

Date:

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ඉන්දීය C කණ්ඩායමක් තරග වැදුණ ද ඔවුන්ට ශ්‍රී ලංකාව පරාජයට පත් කළ හැකි බව පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක කම්රන් අක්මාල් පවසනවා.

සිය යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කළා.

ඉන්දියාවට එකම අවස්ථාවක ජාතික කණ්ඩායම් 3ක් තරග බිමට යොමු කිරීමේ හැකියාව පවතින බවයි කම්රන් අක්මාල් පෙන්වා දෙන්නේ.

එංගලන්ත තරග සංචාරයක ද නිරත වන බැවින් එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයින් රැසක් එක් වන්නේ නැහැ.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරගයට සහ එංගලන්තයට එරෙහිව තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියකට එංගලන්ත සංචාරයේ දී ඉන්දියාව තරග වැදීමට නියමිතයි.

එංගලන්ත සංචාරයට ක්‍රීඩකයින් 24 දෙනෙකු පිටත්ව යන බැවින් එම කිසිදු ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා සංචාරයට එක්වන්නේ නැහැ.

“ඉන්දියාවේ මානසිකත්වයට සම්පූර්ණ කීර්තිය හිමිවෙනවා. වරකට කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරනවා. එකක් එංගලන්තයේ එකක් ශ්‍රී ලංකාවේ. ඔවුන්ගේ ක්‍රිකට් සංස්කෘතිය කෙතරම් ශක්තිමත් ද යත් ඔවුන්ට එකවර කණ්ඩායම් 3ක් යෙදවිය හැකියි.” යනුවෙන් කම්රන් අක්මාල් කියා සිටියා.

“ඉන්දියාව C කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යැව්වත් එයාලා දිනයි. ලංකාව මෑතකදී බංග්ලාදේශයටත් පරාජය වුණා.”

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරග තුන ජූලි 13, 16 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරග ජූලි 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් නිකුත් කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...