T20 ලෝක කුසලානයේ පළමු තරගයෙන් ඇමෙරිකාවට සුපිරි ජයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් කැනඩාව පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය මෙරට වේලාවෙන් අද(2) පෙරවරුවේ සමත් වුණා.

ඇමෙරිකාවේ ඩලස්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැනඩාව පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 194 ක් ලබා ගනිමින්.

Navneet Dhaliwal පන්දු 44 කින් ලකුණු 61 ක් රැස් කළ අතර, Nicholas Kirton ලකුණු 51 (31) ක් ලබා ගත්තා. Shreyas Movva නොදැවී ලකුණු 32 (16) යි.

පන්දු යැවීමේ දී Ali Khan, Harmeet Singh හා Corey Anderson කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාව පන්දුවාර 17.4 ක් අවසානයේ දී කඩුලු 3 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

Steven Taylor ලකුණු නොලබා දැවී ගිය අතර, Monank Patel ලකුණු 16 යි. තෙවැනි කඩුල්ල සදහා Andries Gous හා Aaron Jones ලකුණු 131 (58) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නා.

Andries Gous පන්දු 46 කින් ලකුණු 65 ක් රැස් කළා. Aaron Jones පන්දු 40 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 94 ක්. හයේ පහර 10 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී Kaleem Sana, Dilon Heyliger හා Nikhil Dutta කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...