බංග්ලාදේශ ප්‍රබල ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා තරගය අහිමි වන ලකුණු

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ශොරිෆුල් ඉස්ලාම්ට මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහු ඉන්දියාව සමග ඊයේ(1) පැවැති පුහුණු තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මෙම තරගයේ දී පන්දුවක් වැදීම නිසා ඔහුගේ වම් අතෙහි මෙම ආබාධය සිදු වූ අතර, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී ඔහුගේ වම් අතට මැහුම් හයක්‍ යෙදීමට කටයුතු කර තිබූ බව සදහන්.

ආබාධය සම්පූර්ණයෙන් සුව වීම සදහා ඔහුට සතියක පමණ කාලයක් අවම වශයෙන් ගත වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග එළඹෙන 7 වැනිදා ඩලස්හී දී පැවැත්වෙන තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට නොහැකි වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දියාව සමග පැවැති පුහුණු තරගයේ දී ශොරිෆුල් ඉසලාම් පන්දුවාර 3.5 ක් යොමු කරමින් ලකුණු 26 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

සිය අවසන් පන්දුවාරයේ දී හර්ඩික් පාන්ඩ්යා එල්ල කළ පහරකින් පසුව තමා වෙත ඇදී ආ පන්දුව වම් අතෙහි වැදීමත් සමගයි ශොරිෆුල් මෙම ආබාධයට මුහුණ දුන්නේ. ඒ හේතුවෙන් ඔහුට සිය පන්දුවාර 4 සම්පූර්ණ කිරීමට ද හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...