T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන හැටි ප්‍රකාශයට පත් කෙරේ

Date:

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ක්‍රමවේදය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ස්ථාන 15ක් වෙනුවෙන් රටවල් 86 තරග වදින බවයි අයි.සී.සී ය සදහන් කළේ.

ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරගාවලියට සුදුසුකම් ලබා ඇත්තේ තරගාවලියේ සත්කාරකත්වය ඔවුන් දරන බැවින්.

හන්ගේරියාව, රුමේනියාව සහ සර්බියාව ද පළමු වරට 20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සදහා තරග වැදීම විශේෂත්වයක්.

ලබන අප්‍රේල් මාසයේ දී ආරම්භ වන සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය අදියර 4කින් යුක්ත වනවා.

කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි 11ක් මෙන්ම ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලි දෙකක් ද ඊට ඇතුළත්.

නවතම 20යි 20 ශ්‍රේණිගත කිරීම් අනුව සිංගප්පූරුවට 20යි 20 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ ගෝලීය තරගාවලි සදහා (Qualifier A තරගාවලිය සදහා) සෘජුවම ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව ඇති අතර, එහි ප්‍රතිපලයක් වශයෙන් හොංකොං කණ්ඩායම කලාපීය සුදුසුකම් ලැබීමේ මට්ටම දක්වා පහතට වැටී තිබෙනවා.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියෙන් පසුවන රටවල් 11 (ඔස්ට්‍රේලියාව හැර) 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබනවා.

ලෝක කුසලානයේ පහතින්ම රැදී සිටින සෙසු කණ්ඩායම් 4 ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලි සදහා සුදුසුකම් ලබන අතර, සිංගප්පූරුව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ සිම්බාබ්වේ යන රටවල් මේ වන විට ඊට සුදුසුකම් ලබා අවසන්.

ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලි දෙක සදහා රටවල් 16ක් සුදුසුකම් ලබන බැවින් සෙසු කණ්ඩායම් 8 තෝරා ගනු ලබන්නේ කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියන්ගෙන් ජය ගන්නා කණ්ඩායම් අනුවයි.

2022 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදීයි 20යි 20 ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...