LPL තරගාවලියේ වැඩිම හයේ පහරවල් එල්ල කළ පිතිකරුන් 10 දෙනා

Date:

ප්‍රථම වරට සංවිධාන කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් ද්විත්වය මේ වනවිටත් තේරී පත්වී අවසන්.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හෙට(16) පස්වරු 7 ට පැවැත්වෙන අවසන් මහා තරගයේදී කුසලානය වෙනුවෙන් එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතයි.

මෙතෙක් පැවති තරගවලට අනුව තරගාවලියේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කර ඇති පිතිකරුවන් පිළිබඳ ඔබව දැනුවත් කිරීමට අපි තීරණය කළා.

ඒ අනුව LPL තරගාවලියේ මෙතෙක් පැවති තරගවලට අනුව වැඩිම හයේ පහරවල් ගණනක් එල්ල කර ඇති පිතිකරුවන් 10 දෙනා මෙසේයි.

10. නිරෝශන් දික්වැල්ල ( දඹුල්ල වයිකින්ග් )
ඉනිම 9 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 8 ක්.

09. ඇන්ජලෝ පෙරේරා ( දඹුල්ල වයිකින්ග් )
ඉනිම 7 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 8 ක්.

08. ඇන්ඩ්‍රි රසල් ( කලම්බූ කිංග්ස් )
ඉනිම 7 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 10 ක්.

07. රහමනුල්ලා ගුර්බාස් ( කැන්ඩි ටස්කර්ස් )
ඉනිම 8 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 11 ක්.

06. අසාම් ඛාන් ( ගෝල් ග්ලැඩියේටර්ස් )
ඉනිම 8 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 12 ක්.

05. දසුන් ශානක ( දඹුල්ල වයිකින්ග් )
ඉනිම 9 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 14 ක්.

04. කුසල් මෙන්ඩිස් ( කැන්ඩි ටස්කර්ස් )
ඉනිම 8 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 17 ක්.

03. තිසර පෙරේරා ( ජැෆ්නා ස්ටැලියන්ස් )
ඉනිම 7 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 17 ක්.

02. ලෝරී එවන්ස් ( කලම්බූ කිංග්ස් )
ඉනිම 8 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 18 ක්.

01. අවිශ්ක ප්‍රනාන්දු ( ජැෆ්නා ස්ටෑලින්ස් )
ඉනිම 7 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 18 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...