T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇති රටවල් 15 මෙන්න

Date:

පිරිමි T20 ලෝක කුසලාන යුරෝපා සුදුසුකම් ලැබීමේ තරගාවලිය

ඉතාලිය 134-7 (ඕවර 20.0):
නෙදර්ලන්තය 135-1 (ඕවර 16.2):

නෙදර්ලන්තය කඩුලු 9කින් ජය ගනී

නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 9ක පරාජයක් අත්විඳි නමුත්, ඉතාලිය ප්‍රථම වරට T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම “විශේෂ මොහොතක්” බව නායක ජෝ බර්න්ස් පවසනවා.

මෙම ප්‍රතිඵලයත් සමඟම ලබන වසරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ජර්සි කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ වැටුණා.

යුරෝපා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත්තේ නෙදර්ලන්තයයි (ප්‍රසාද ලකුණු 6).

ඉතාලිය සහ ජර්සි කණ්ඩායම ප්‍රසාද ලකුණු 5 බැගින් ලබා ගනිමින් සම තත්ත්වයේ පසු වූ නමුත්, ජර්සි කණ්ඩායමේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (+0.306) හා සසඳන විට ඉතාලියේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (+0.612) උසස් වීම හේතුවෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඉතාලියට හැකි වුණා.

ඒ අනුව ඉතාලිය සහ නෙදර්ලන්තය, එංගලන්තය සහ අයර්ලන්තය සමඟින් T20 ලෝක කුසලානය සඳහා යුරෝපය නියෝජනය කරමින් සුදුසුකම් ලබා ගත්තා.

නෙදර්ලන්ත – ඉතාලි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉතාලිය කඩුලු 7කට ලකුණු 134ක් රැස් කළ අතර, ඉතාලිය අභිබවා ජර්සි කණ්ඩායමට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නම් නෙදර්ලන්තය මෙම ඉලක්කය පන්දුවාර 15ක් තුළ හඹා යා යුතුව තිබුණා.

නමුත් නෙදර්ලන්තය පන්දුවාර 16.2ක් තුළදීයි ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ.

මෙම තරගයට පෙර ජර්සි කණ්ඩායම සිකුරාදා දිනයේදී ස්කොට්ලන්තය අවසන් පන්දුවේදී පරාජය කරමින් තියුණු ජයක් ලබා ගැනීමට ද සමත් වූ නමුත්, ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සදහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.

ලෝක කුසලාන තරගාවලිය සදහා රටවල් 20 ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, මේ වන විට කණ්ඩායම් 15 ක් ඒ සදහා සුදුසුකම් ලබා අවසන්.

East-Asia Pacific qualifier තරගාවලියෙන් තවත් රටවල් තුනක් ද, Africa qualifier තරගාවලියෙන් තවත් රටවල් දෙකක් ද ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නියමිතයි.

සුදුසුකම් ලබා ඇති රටවල් –

India, Sri Lanka, Afghanistan, Australia, Bangladesh, England, South Africa, United States, West Indies, Ireland, New Zealand, Pakistan, Canada, Italy, Netherlands.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...