T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ වෙනස් වෙයි

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටන් අයි.සී.සී පන්දුවාර විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති විස්සයි 20 තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලබමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේ පළමු තරග දෙකේ දී ඔහු ලකුණු 124 ක් හා කඩුලු 5 ක් දවා ගත්තා. අවසන් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.

ඒ අනුව මෙතෙක් තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වූ ඔස්ට්‍රේලියාවේ මර්කස් ස්ටොයිනිස් දෙවැනි ස්ථානයට ඇදදමමින් ලියම් ලිවින්ග්ස්ටන් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පත්ව ඇත්තේ ස්ථාන 7 කින් ඉදිරියට පැමිණෙමින්.

ශ්‍රී ලංකාවේ වනිදු හසරංගට මේ වන විට එහි හිමිව ඇත්තේ සම සිව්වැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...