දකුණු අප්‍රිකාව 106 කට දවා ගනිමින් ඇෆ්ඝනිස්ථානයට ඓතිහාසික ජයක්

Date:

පළමු වරට දකුණු අප්‍රිකාව පරදා ජාත්‍යන්තර තරග ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(18) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කරමින්.

ලෝක කුසලාන තරගාවලියකින් පිටත මෙම කණ්ඩායම් දෙක එකිනෙකා හමු වූ පළමු ජාත්‍යන්තර තරගය වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 33.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

සාජා හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානය පන්දුවාර 26 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ගුල්බදීන් නයිබ් නොදැවී ලකුණු 34 ක් හා අස්මතුල්ලාහ් ඔමර්සායි නොදැවී ලකුණු 25 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 36 දී බිද වැටුණු පසුබිමක වියාන් මෝල්ඩර් ලකුණු 52 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා පිල ලකුණු 100 සීමාව ඉක්මවා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 35 කට කඩුලු 4 ක් දවා ගත් අතර, AM Ghazanfar ලකුණු 20 කට කඩුලු 3 ක් බිද හෙලුවා. රෂීඩ් ඛාන් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 30 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...