T 20 ලෝක කුසලානය : ඇෆ්ඝනිස්තාන සංචිතය නිවේදනය කිරීමත් සමග රෂීඩ් ඉල්ලා අස් වෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය අද(9) ප්‍රකාශයට පත් කෙරුණා.

රෂීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුතුව සංචිතය නම් කෙරුණ ද, සංචිතය ප්‍රකාශයට පත් කර සුළු වේලාවකින් ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ තමා නායකත්වයෙන් ඉල්ලා අස් වීමට තිරණය කළ බවයි.

ඇෆ්ඝනිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 25 වනදා පැවැත්වීමට නියමිතයි.

Afghanistan squad :

Rashid Khan (c), Rahmatullah Gurbaz, Hazratullah Zazai, Usman Ghani, Asghar Afghan, Mohammad Nabi, Najibullah Zadran, Hashmatullah Shahidi, Mohammad Shahzad, Mujeeb Ur Rahman, Karim Janat, Gulbadin Naib, Naveen Ul Haq, Hamid Hassan, Sharafuddin Ashraf, Dawlat Zadran, Shapoor Zadran, Qais Ahmad.

Reserve:

Afsar Zazai, Farid Ahmad Malik.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...