කොරෝනා අර්බුදය මැද ඉන්දු – එංගලන්ත පස්වැනි ටෙස්ට් තරගය සැලසුම් කළ පරිදි

Date:

ඉන්දීය ටෙස්ට් සංචිතයට සම්බන්ධ සෙසු සියලු සාමාජිකයින්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එංගලන්තය හා ඉන්දියාව අතර අද(10) මැන්චෙස්ටර්හී දී ආරම්භ වීමට නියමිත පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමගයි දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරගය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හට ගත්තේ.

බදාදා (8) පස්වරුවේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිපලවලින් ඒ බව අනාවරණය වී තිබූ අතර, ඒ හේතුවෙන් ඊයේ(9) සිදු කිරීමට නියමිතව තිබූ පුහුණුවීම් කටයුතු ද අත්හිටුවීමටයි ඉන්දියාව තීරණය කළේ.

ඊයේ පෙරවරුවේ දී සියලු සාමාජිකයින් යළි වෛද්‍ය පරීක්ෂණවලට ලක් කෙරුණා.

එහිදී සෙසු සියලු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බව හදුනා ගෙන තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ට්‍රීට ද පසුගියදා නිමා වූ සිව්වැනි ටෙස්ට් තරගය අතරතුර දී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් ඔහු සහ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු හුදෙකලා කිරීමට ලක් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...