T 20 ලෝක කුසලානයට තවත් රටවල් දෙකක් සුදුසුකම් ලබයි

Date:

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට අයර්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අද(22) සමත්වුණා.

ඒ, ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඕමානයේ දී පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (Qualifier A) අවසන් පූර්ව වටයේ තරග ජය ගනිමින්.

ඒ අනුව එම කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත් අතර, එම තරගයේ ප්‍රතිපලය කුමක් වුවත්, අයර්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වන විටත් 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා අවසන්.

අවසන් පූර්ව වටයේ දී අයර්ලන්තය හමුවේ සත්කාරක ඕමානය ලකුණු 56කින් පරාජයට පත් වුණා.

අනෙක් අවසන් පූර්ව තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ ලකුණු 68කින් පරාජයට පත් වූයේ නේපාල කණ්ඩායමයි.

ඒ අනුව මේ වන විට 20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති රටවල් සංඛ්‍යාව 14ක්.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට තවත් කණ්ඩායම් දෙකකට අවස්ථාව පවතිනවා.

ජූලි මාසයේ දී සිම්බාබ්වේ හී දී පැවැත්වෙන දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් (Qualifier B) එම කණ්ඩායම් දෙක තෝරා ගනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...