තවත් ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර්ට ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති නමුත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු පාදයේ සිදුව ඇති ආබාධය හේතුවෙන් ඔහුට සති 6ක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි.

මේ වන විටත් ඔහු ඉන්දීය කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව ඇති බව ද සදහන්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයේ දී පන්දු යවමින් සිටියදී යි චහාර් මෙම ආබාධයට මුහුණ දුන්නේ.

ආබාධය සිදු වන අවස්ථාව වන විට දීපක් චහාර් පන්දුවාර 1.5ක් තුළ ලකුණු 15කට කඩුලු 2ක් දවා ගැනීමට සමත්ව තිබුණා. (ආබාධය සිදු වූ අයුරු පහතින් නරඹන්න)

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලිය අරමුණු කර ගනිමින් ඉන්දීය කණ්ඩායම මේ වන විට ලක්නව් හී දී සිය පුහුණුවීම් කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය එළඹෙන 24 වනදා ලක්නව් හී දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය 20යි 20 සංචිතය –

Rohit Sharma (C),Ruturaj Gaikwad, Shreyas Iyer, Surya Kumar Yadav, Sanju Samson, Ishan Kishan (wk), Venkatesh Iyer, Deepak Chahar, Deepak Hooda, R Jadeja, Y Chahal, R Bishnoi, Kuldeep Yadav, Mohd. Siraj, Bhuvneshwar Kumar, Harshal Patel, Jasprit Bumrah(VC), Avesh Khan

https://twitter.com/addicric/status/1495429320692535297

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...