PSL පළමු තරගය හා ILT20 අවසන් තරගය අතර ඝට්ඨනයක්

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 2024 අදියරේ පළමු තරගය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තරගාවලියේ අවසන් තරගය අතර කාලසටහන් ඝට්ටනයක් සිදුව තිබෙනවා.

PSL තරගාවලියේ 9 වැනි අදියර පෙබරවාරි 17 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම හා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම අතර තරගයත් සමගයි. එම තරගය ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ILT20 තරගාවලියේ අවසන් තරගය ද ඩුබායි හී දී එම දිනයේ දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ILT20 තරගාවලිය සදහා පාකිස්තාන ක්‍රීඩකයින් පස් දෙනෙකු ද ක්‍රීඩා කිරීමට ගිවිසුම්ගත වී සිටින අතර, ඔවුන්ට එම තරගාවලියේ අවසන් අදියර සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මේ වන විට මතුව ඇත්තේ මෙම තරගාවලි දෙකේ තරග කාලටසටහන් ඝට්ටනය වීම හේතුවෙනුයි.

ශහීන් ශාහ් අෆ්රිඩි, ශඩාබ් ඛාන්, අසාම් ඛාන් හා මොහමඩ් අමීර් යන ක්‍රීඩකයින් Desert Vipers සංචිතය සදහා ක්‍රීඩා කිරීම නියමිතයි. ඉමාඩ් වසීම් ගිවිසුම්ගත වූයේ Abu Dhabi Knight Riders සංචිතය සමගයි.

තරගාවලි දෙක සදහාම විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම ක්‍රීඩකයින්ට PSL තරගාවලියේ ආරම්භය හෝ ILT20 තරගාවලියේ අවසාන අදියර ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

PSL තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...