Clarkson ට තෙවැනි තරගය අහිමි වෙයි ; විල් යන්ග් ආදේශ කෙරේ

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව Josh Clarkson ට අහිමි වී තිබෙනවා.

ඒ, Central Districts කණ්ඩායම නියෝජනය කරමින් නවසීලන්ත Super Smash තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී ඔහුගේ උරහිසක සිදුවූ ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව බදාදා ඩුනේඩින් හී දී පැවැත්වීමට නියමිත තෙවැනි 20යි 20 තරගය සදහා වන සංචිතයට විල් යන්ග් ආදේශ කර තිබෙනවා.

මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Josh Clarkson තෙවැනි තරගය සදහා පමණක් වන නවසීලන්ත සංචිතයට නම් කර තිබුණේ කේන් විලියම්සන් එම තරගයෙන් විවේක ගැන්වීමට තීරණය කර ඇති බැවින්.

කෙසේ වෙතත්, Josh Clarkson ආබාධයට ලක් වීම නිසා ඔහුට තෙවැනි තරගයට ක්‍රීඩා කළ හැකි වන්නේ නැහැ. ඒ අනුව විල් යන්ග් ඉදිරියේ දී තෙවැනි තරගය අරමුණු කර ගනිමින් නවසීලන්ත සංචිතය සමග එක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...