PSL ජූනි 9 වනදා යළි ඇරඹේ

Date:

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන 9 වනදා අබුඩාබි හී දී ආරම්භ කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අවසන් මහා තරගය ලබන 24 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරග සංචාරය ආරම්භ කිරීම ද දින දෙකකින් කල් දැමුණා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ලබන 23 වනදා වෙනුවට ලබන 25 වනදා එංගලන්තයට ළගා වීමට නියමිතයි.

කෙසේ වෙතත්, එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර, ඒ අනුව එංගලන්ත – පාකිස්තාන පළමු එක්දින තරගය නියමිත පරිදි ජූලි 8 වනදා කාර්ඩිෆ්හී දී පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වැනි අදියරේ ඉතිරි තරග 20 අබුඩාබිහී දී සීමිත දින සංඛ්‍යාවක් තුළ පවත්වා අවසන් කිරීමට ගෙන ඇති තීරණයත් සමග එක් දිනකට තරග දෙක බැගින් පැවැත්වෙන දින 6ක් තරග කාලසටහනට ඇතුළත් බව සදහන්.

තරගාවලියේ ඉතිරි තරග කරච්චිහී දී ජූනි පළමු වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට මීට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබූ නමුත්, කරච්චි නුවර පවතින කොවිඩ් 19 අර්බුදය සැලකිල්ලට ගනිමින් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කිරීම සුදුසු බවටයි කණ්ඩායම් හිමිකරුවන්ගේ අදහස වූයේ.

ඒ අනුවයි ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු සිදු කෙරුණේ.

තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වැනි අදියරේ තරග අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ පසුගිය මාර්තු 3 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...