තීරණාත්මක කිලෝ මීටර් දෙකේ අහියෝගය හෙට

Date:

ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් විසින් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔබ හොදින්ම දන්නා කරුණක්.

එහි ප්‍රධාන පියවරක් ලෙස විනාඩි 8 යි තප්පර 35 ක කාලයක් තුළ කිලෝ මීටර 2 ක දුරක් දිව ගොස් සම්පූර්ණ කිරීමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය නියමිත කාල රාමුවකට යටත්ව පැවැත්වීම සිදු කෙරෙනවා.

ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ මිණුම් දණ්ඩක් වශයෙන් ද එය භාවිතා කෙරෙන අතර, එම පරීක්ෂණයට බංග්ලාදේශ තරග සංචාරය අතරතුර දී ද මුහුණ දීමේ අභියෝගය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පසුගිය දිනක හිමි වුණා.

එළඹෙන එංගලන්ත තරග සංචාරය අරමුණු කර ගනිමිනුයි එම පරීක්ෂණය සිදු කෙරුණේ.

ඒ අනුව බංග්ලාදේශයේ රැඳී සිටි ක්‍රීඩකයන් එරටේ දී අදාළ පරීක්ෂණයට මුහුණ දුන් අතර තවත් ක්‍රීඩකයන් පිරිසක් කොළඹ දී ඊට මුහුණ දී තිබුණා.

පසුගියවර පරීක්ෂණය අසමත් වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මෙවර එම පරීක්ෂණය සාර්ථකව සමත්වී ඇති බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ තුන් ඉරියක් ක්‍රීඩක ධනංජය ද සිල්වාට කිලෝ මීටර දෙකේ පරීක්ෂණය සාර්ථකව නිමා කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව ඔවුන්ට යළි ඒ සදහා අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා හෙට (4), එනම් සිකුරාදා දිනයේ දී එම කිලෝ මීටර දෙකේ අභියෝගයට මුහුණ දීමට නියමිතයි.

එංගලන්ත තරග සංචාරය සදහා වන මූලික සංචිතයට ඔවුන්ගේ නම් ඇතුළත්ව තිබුණත් නිසැකවම එම තරග සංචාරයට ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු වන්නේ හෙට පැවැත්වෙන පරීක්ෂණයේ ප්‍රතිපල අනුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...