ඔව්න්ගේ වාර්තාගත ශතකය හමුවේ BBL ශූරතාවය පළමු වරට හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට

Date:

Mitchell Owen වාර්තා කළ වාර්තා ගත ශතකය හමුවේ පළමු වරට බිග් බෑෂ් ලීග් ශූරතාවය දිනා ගැනීමට හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී ඩේවිඩ් වෝනර් නායකත්වය දැරූ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කරමින්.

හෝබාර්ට්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 182 ක් රැස් කළා.

Jason Sangha පන්දු 42 කින් ලකුණු 67 ක් ලබා ගත් අතර, වෝනර් පන්දු 32 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 48 ක්.

පන්දු යැවීමේදී Riley Meredith හා නායක Nathan Ellis කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හරිකේන්ස් කණ්ඩායම පන්දුවාර 14.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී පහසුවෙන්ම ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

Owen පන්දු 42 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 108 ක්. හයේ පහර 11 ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ඔහු සිය ශතකය පන්දු 39 කින් වාර්තා කළ අතර, ඒ අනුව එය ඉතිහාසගත වුණේ BBL ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ සම වේගවත්ම ශතකය ලෙසයි.

මැතිව් වේඩ් නොදැවී ලකුණු 32(17) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...