“මුදල් ගෙවිය යුතුයි. නැත්නම් BPL හි කීර්ති නාමය විනාශ වේවි” නීතිමය පියවර ගන්න BCB සූදානම්

Date:

විදේශීය ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම රැදී සිටි හෝටලයට නියමිත කාල සීමාවේදී ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ඩර්බර් රාජ්ශාහි කණ්ඩායමට එරෙහිව නීතිමය පියවර ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) තීරණය කර තිබෙනවා.

BCB මාධ්‍ය කමිටු සභාපති Iftekhar Rahman සදහන් කළේ එම කණ්ඩායම සදහා මෙම ගැටලුව විසදීමට ප්‍රමාණවත් කාලයක් ලබා දුන් බවයි. ඒ අනුව තවදුරටත් ඒ සදහා කාලය ලබා දීමට නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

සිය ගෙවීම් ලබා නොදීම හේතුවෙන් මීර්පූර්හීදී රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම සමග ඉරිදා පැවැති තරගය සදහා රාජ්ශාහී කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීම වර්ජනය කළ අතර, ඒ හේතුවෙන් එම කණ්ඩායමට ඊයේ කිසිදු විදෙස් ක්‍රීඩකයෙකු නොමැතිවයි ක්‍රීඩා කිරීමට සිදු වූයේ.

බංග්ලදේශ ප්‍රිමියර් ලීග් ඉතිහාසයේදී දේශීය ක්‍රීඩකයින් 11 දෙනෙකු සමග කණ්ඩායමක් තරගයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව එයයි.

“අපි දැන් කෙසේ හෝ නීතිමය පියවර ගත යුතුයි. මුදල් ගෙවිය යුතුයි. එසේ නොවුවහොත්, BPL හි කීර්ති නාමය විනාශ වේවි” යනුවෙන් Iftekhar Rahman කියා සිටියා.

“අගරු චෙක්පත් වැනි ගිවිසුම් බැඳීම් උල්ලංඝනය කිරීම් සහ අනෙකුත් ගැටළු සලකා බලනවා. උල්ලංඝනයන්හි තත්ත්වය අනුව සියලු කරුණු සඳහා අපි නඩු පවරනවා. ක්‍රිකට් ආයතනය ඔවුන්ට ඇති තරම් අවස්ථා ලබා දී තිබෙනවා. නමුත් ඔවුන් සියලු සීමාවන් ඉක්මවා ගොස් තිබෙනවා.

“ඔවුන්ට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙනවා. කොන්ත්‍රාත් වගන්ති උල්ලංඝනය කිරීමක් සිදු කර තිබෙනවා. අද වන තුරු අපි කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ, නමුත් දැන් අපි ඔවුන්ට එරෙහිව සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.”

මේ අතර, ඉරිදා දිනයේදී කණ්ඩායම් හිමිකාරීත්වය විසින් දේශීය ක්‍රීඩකයින්ට යම් ගෙවීමක් (චෙක් පත්) සිදු කළ බව රාජ්ශාහී කණ්ඩායමේ නායක ටස්කින් අහ්මඩ් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...