Watch : reverse ගහන්න ගිය රිෂාබ්ට දරුණු අනතුරක් – අධික වේදනාවෙන් පිටව ගිය හැටි මෙන්න

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර මැන්චෙස්ටර්හීදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද දිනයේදී ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් දරුණු ආබාධයකට මුහුණ දුන්නා.

පිතිකරණයේ නිරතව සිටියදී ක්‍රිස් වෝක්ස් යොමු කළ පන්දුවකට ඔහු රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට උත්සාහ කළ අතර, එහිදී පන්දුව කෙළින්ම පාදයේ වැදීම හේතුවෙනුයි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ.

එම අවස්ථාවේදී ඔහුට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රීඩාංගනය තුළදීම ලබා දුන් නමුත්, ඔහු දැඩි වේදනාවකින් පසුවන ආකාරයක් දැක ගත හැකි වුණා.

ඇවිද ගැනීමට පවා අපහසුව සිටි පාන්ට් ආධාරක රථයක් මාර්ගයෙන් ක්‍රීඩාංගනයෙන් ඉවතට රැගෙන යාමටයි කටයුතු කෙරුණේ.

ඒ වන විට ඔහු ලකුණු 37 ක් ලබා සිටි අතර, ඔහු වෙනුවට රවීන්ද්‍ර ජඩේජා පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසුණා.

පාන්ට් ආබාධයට මුහුණ දුන් පන්දුව හා ඔහුව ක්‍රීඩාංගනයෙන් ඉවතට රැගෙන ගිය අයුරු ඇතුළත් වීඩියෝ දර්ශන 3 ක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...