Watch : පොඩි මාලිංග IPL පිටිය කළඹමින් පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනියි

Date:

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(15) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් දිනා ගත්තා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 62 වැනි තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ දී ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම, එනම් අයි.පී.එල් පිටියේ දී ඔහු යොමු කළ තම මංගල පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට මතීෂ පතිරණ සමත් වීම කැපී පෙනුණා.

ඔහුගේ පන්දුවක් හමුවේ එලෙස දැවී ගියේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල්.

දැවී යන විට ගිල් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 18(17)ක්.

පතිරණ යොමු කළ පළමු පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වදරට හසු වීමෙනුයි ෂුබ්මන් ගිල්ට යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වූයේ.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී අද පස්වරුවේ ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 133ක් ලබා ගත්තා.

ගුජරාට් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ඔවුන්ගේ ඉනිමේ 8 වැනි පන්දුවාරය යොමු කිරීම සදහායි චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් මතීෂ පතිරණ කැදවනු ලැබුවේ.

පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත්ත ද, එම පන්දුවාරයේ දී ගුජරාට් කණ්ඩායම ලකුණු 12ක් රැස් කිරීමට ද සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...