මැතිව්ස්ගේ ශතකය පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙයි

Date:

ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ සිය 12 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(15) ආරම්භ වූ පළමු තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව හිමි කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දිනය නිමා වන විට තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 258ක් ලබා සිටියා. (පන්දුවාර 90)

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 213කින් ලකුණු 114ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 14ක් ඇතුළත්.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 34(77)යි. චන්දිමාල්ගේ ඉනිමට හයේ පහර 2ක් ඇතුළත් වුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ඕෂද ප්‍රනාන්දු සමගින් දිමුත් කරුණාරත්නයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් ලකුණු 9(17)කට දැවී ගිය අතර, ඕෂද ප්‍රනාන්දු ලකුණු 36(76)කට දැවී ගියා.

13 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ලබා ගත්තා. පන්දු 131කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත්.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 85ක් රැස් කිරීමට සමත් වූ නමුත්, ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේ තේ පානයෙන් පසුව යොමු කරනු ලැබූ පළමු පන්දුවටයි.

මෙන්ඩිස් හා මැතිව්ස් අතර තෙවැනි කඩුල්ලට ලකුණු 92ක සබදතාවයක් ගොඩ නැගුණා.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 6කට දවා ගැනීමට ශකිබ් අල් හසාන් සමත් වුණා.

කෙසේ වෙතත්, අනතුරුව 5 වැනි කඩුල්ල සදහා මැතිව්ස් හා චන්දිමාල් අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 75ක්.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් නයීම් හසාන් ලකුණු 71කට කඩුලු 2ක් දවා ගත් අතර, ශකිබ් අල් හසාන් හා ටයිජුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...