මෙන්ඩිස්ගේ හා මැතිව්ස්ගේ නොදැවුණු අර්ධ ශතක ශ්‍රී ලංකාව ස්ථාවර කරයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොංහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය අදයි(15).

දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 158ක් ලබා සිටියා. (පන්දුවාර 56)

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ හෝරා දෙකක කාලය තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිදු කඩුල්ලක් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 85ක්.

මේ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටින කුසල් මෙන්ඩිස් ලකුණු  54(130)ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

ඔහු අද රැස්කළේ සිය 13 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත්.

තම 38 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 54(114)ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහරක් හා හතරේ පහර 5ක් සමගින්.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 38 ක් ලබා සිටියදී ටයිජුල් ඉස්ලාම් යොමු කළ පන්දුවකට කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය පිතිකරුවකු ලෙස විනිසුරු විසින් නම් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, අනතුරුව මැතිව්ස් විසින් එම දැවී යාම අභියෝගයට ලක් කළේ විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගනිමින්.

ඉන් පසුව තෙවන විනිසුරු විසින් එය දැවී යාමක් නොවන බව තීරණය කළා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ඕෂද ප්‍රනාන්දු සමගින් දිමුත් කරුණාරත්නයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් ලකුණු 9(17)කට දැවී ගිය අතර, ඕෂද ප්‍රනාන්දු ලකුණු 36(76)කට දැවී ගියා.

පන්දු යැවීමේ දී නයීම් හසාන් ලකුණු 58කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...