රහානේ-ඩූබේ ප්‍රහාරයත්, තීක්ෂණ, මතීෂ ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතාත් හමුවේ CSK පිලට දැවැන්ත ජයක්

Date:

අජින්කෙයා රහානේගේ හා ශිවම් ඩූබේගේ වේගවත් පිතිහරඹයත්, ඩෙවෝන් කොන්වේගේ අර්ධ ශතකයත් හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගයෙන් ලකුණු 49 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(23) සමත් වුණා.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 235 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණයි.

චෙන්නායි පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත් වූ ජේසන් රෝයි පන්දු 26 කින් වේගවත් ලකුණු 61 ක් ලබා ගත්තා. හයේ පහර 5 ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රෝයි දැවී ගියේ තීක්ෂණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. රින්කු සිං පන්දු 33 කින් නොදැවී ලකුණු 53 ක් රැස් කළා.

© BCCI

පන්දු යැවීමේ මහීෂ් තීක්ෂණ ලකුණු 32 කට කඩුලු 2 ක් හා තුෂාර් දේශපන්ඩේ ලකුණු 43 කට කඩුලු 2ක් දවා ගත්තා. මතීෂ පතිරණ එක් කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 27 ක් ලබා දෙමින්. පතිරණගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 9ක් ලබා සිටි අන්ඩ්‍රි රසල්. (දර්ශන පහතින්)

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි ඉනිම වෙනුවෙන් අජින්කෙයා රහානේ ලකුණු 71 ක් නොදැවී ලබා ගත්තේ පන්දු 29 කට පමණක් මුහුණ දෙමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 56(40) ක් ද, ශිවම් ඩූබේ ලකුණු 50(21) ක් ද රැස් කළා. ඩූබේගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් ඇතුළත් වුණා.

පන්දු  යැවීමේ දී Kulwant Khejroliya ලකුණු 44 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...