Watch : චෙන්නායි පිලට හිසරදයක් වූ රෝයිගේ මැද ඉන්න තීක්ෂණ ගැලවූ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පිතිකරු ජේසන් රෝයිගේ කඩුල්ල දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(23) සමත් වුණා.

කොල්කටාහී දී අද රාත්‍රියේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි කොල්කටා නායක නිටිෂ් රානා තීරණය කළේ.

චෙන්නායි පිල නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 235 ක් ලබා ගනිමින්.

කොල්කටා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී චෙන්නායි පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත් වූ ජේසන් රෝයි පන්දු 26 කින් වේගවත් ලකුණු 61 ක් ලබා ගත්තා. හයේ පහර 5 ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

රෝයි දැවී ගියේ තීක්ෂණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...