T20 World Cup 2024 : අයර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කරයි – ලිට්ල් IPL නිම වන තුරු ඉන්දියාවේ

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන අයර්ලන්ත සංචිතය මේ වන විට නිවේදනය කර තිබෙනවා.

පෝල් ස්ටර්ලින්ග්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකෙු ඇතුළත්.

අයර්ලන්ත කණ්ඩායම අවසන් වරට ඇෆ්ඝනිස්තානය සමග ක්‍රීඩා කළ විස්සයි 20 සංචිතය හා සැසදීමේ දී මෙම සංචිතයට කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

මෙම සංචිතයේම ක්‍රීඩකයින් එළඹෙන සිකුරාදා ඩබ්ලින් හී දී පාකිස්තානයට එරෙහිව ආරම්භ වන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේ දී මෙන්ම නෙදර්ලන්තයට හා ස්කොට්ලන්තයට එරෙහි තුන්කොන් තරගාවලියේ දී ද අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. එම තුන්කොන් තරගාවලිය මැයි 19 වැනිදා සිට 24 වැනිදා දක්වා නෙදර්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල් ඇතුළත් කර ඇතත්, ඔහු පාකිස්තානයට එරෙහි තරගාවලියට හා තුන්කොන් තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇති. ඒ, ඔහුට මේ දිනවල පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තවදුරටත් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී ඇති බැවින්.

ටයිටන්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ක්‍රීඩා කරන අවසන් තරගයෙන් පසුව ජොෂ් ලිට්ල් අයර්ලන්ත සංචිතය සමග එක් වීමට නියමිතයි.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 5 වැනිදා නිව් යෝර්ක්හී දී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Ireland squad for Pakistan T20Is, Netherlands tri-series and T20 World Cup:

Paul Stirling (c), Mark Adair, Ross Adair, Andy Balbirnie, Curtis Campher, Gareth Delany, George Dockrell, Graham Hume, Josh Little*, Barry McCarthy, Neil Rock (wk), Harry Tector, Lorcan Tucker (wk), Ben White, Craig Young.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...