සැම්සන්ගේ සටන අපතේ යයි – ෆ්‍රෙසර්-මැක්ගර්ක්ගේ හා පොරෙල්ගේ ප්‍රහාරය දිල්ලියට ජය ගෙනෙයි

Date:

ජේක් ෆ්‍රෙසර්-මැක්ගර්ක්ගේ හා අභිෂේක් පොරෙල්ගේ වේගවත් අර්ධ ශතක හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 56 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

දිල්ලි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 222 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 201 ක් පමණයි.

නායක සංජු සැම්සන් පන්දු 46 කින් නොදැවී ලකුණු 86 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

රියාන් පරාග් ලකුණු 27 කටත්, ශුබම් ඩූබේ ලකුණු 25 කටත් දැවී ගිය අතර, ජොස් බට්ලර් ලකුණු 19 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ්, මුකේෂ් කුමාර් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනූ රාජස්ථාන් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 221 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ජේක් ෆ්‍රෙසර්-මැක්ගර්ක් හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමග පන්දු 20 කින් වේගවත් ලකුණු 50 ක් රැස් කළා. අභිෂේක් පොරෙල් පන්දු 36 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 65 ක්. ඔහුගේ ඉනිමට ද හයේ පහර 3 ක් හා හතරේ පහර 7ක් ඇතුළත් වුණා. ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 20 කින් ලකුණු 41 ක් ලබා ගනිමින් මැද පෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...