IPL තරගාවලියේ දින කණ්ඩායම් හිමිකරුවන් වෙත; රටවල් දෙකක් ගැනත් අවධානය

Date:

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 27 වනදා ආරම්භ කිරීම සදහා මේ වන විට තරගාවලියේ සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

අද(22) කණ්ඩායම් දහයේ හිමිකරුවන් හා අයි.පී.එල් බළධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය කර ඇත්තේ මාර්තු අග සිට මැයි අග දක්වා තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවටයි.

තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට සූදානම් බවට ද මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී මුම්බායි නගරය කේන්ද්‍රස්ථානයක් බවට පත් වනු ඇති.

කොවිඩ් 19 වසංගතයෙන් බලපෑමක් නොවුණහොත්, අහ්මදාබාද් නගරය ද අවසන් වටයේ (play-offs) තරග පැවැත්වීම සදහා යොදා ගැනීමට අවධානය යොමු කර තිබෙනවා.

කොවිඩ් 19 බලපෑම හමුවේ තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නොහැකි වුවහොත්, දකුණු අප්‍රිකාවේ දී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බලන බවටද අද පැවැති සාකච්ඡාවේ දී ප්‍රකාශ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය පෙබරවාරි 20 වනදා වන විට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...