ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තෙවැනි ජයත් වාර්තා කරයි

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්වට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ක්‍රීඩා කළ තෙවැනි තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(22) සමත් වුණා.

සත්කාරක මැලේසියාව සමග ක්වාලා ලම්පූර් හි පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේ ලකුණු 93කින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා.

හර්ෂිතා මාධවී පන්දු 42කින් නොදැවී ලකුණු 65ක් රැස් කළා.

නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 49(31)යි. නායිකා චමරි අතපත්තු ලකුණු 30(17)කට දැවී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාව පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 82ක් ලබා ගනිමින්.

දුවද්දී දැවී යාම් 3ක් මැලේසියානු ඉනිමේ දී සිදු වූ අතර, පන්දු යැවීමේ දී සුගන්දිකා කුමාරි හා ඕෂදී රණසිංහ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

රටවල් 5ක් තරග කරන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණේ පසුවන්නේ ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන සිව්වැනි තරගය එළඹෙන 24 වනදා බංග්ලාදේශයට එරෙහි පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...