Asia Cup : ඉන්දීය සුපිරි පිතිකරුට පළමු තරග දෙක අහිමි වෙයි

Date:

ඉන්දීය පිතිකරු කේ.එල් රාහුල්ට මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරග දෙක අහිමි වී තිබෙනවා.

ඒ බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් තහවුරු කළ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

කේ.එල් රාහුල් ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය කාලයේ දී ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටියා. කෙසේ වෙතත්, ඔහුව ආසියානු කුසලාන තරගාවලිය සදහා නම් කිරීමටයි පියවර ගැණුනේ.

එම නම් කිරීම සිදු කරන අවස්ථාව වන විටත් රාහුල් 100% ක සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වූයේ නැහැ.

නමුත්, මේ වන විට රාහුල් ඉතා හොදින් සුවය ලබමින් සිටින බවත්, පසුගිය සතියේ දී ඔහු හොදින් පුහුණුවීම් කටයුතුවල නිරත වූ බවත් රාහුල් ඩ්‍රාවිඩ් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ඔහු සෙසු ක්‍රීඩකයින් සමග ශ්‍රී ලංකාව වෙත නොපැමිණෙන අතර, ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය සදහා ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත් ඔහු එම වටයේ තරග සදහා ක්‍රීඩා කරන්නේ දැයි පසුව තීරණය කරනු ඇති.

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන දෙවැනිදා පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔවුන් ක්‍රීඩා කරන දෙවැනි තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 4 වැනිදා නේපාලයට එරෙහිවයි. එම තරගය ද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(30) සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි

පළමු තරගය හෙට පැවැත්වෙන්නේ පාකිස්තානය හා නේපාලය අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...