Asia Cup : වෙනස්කම් රැසක් සමග ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කෙරේ

Date:

පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී හෙට(30) සිට ආරම්භ වීමට නියමිත 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද (29) නිවේදනය කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙම සංචිතයට වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධවලට ලක් වූ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර හා ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින් මෙම සංචිතය සදහා නම් කර නැහැ.

චාමික කරුණාරත්න හා සහන් ආරච්චිගේ එක්දින සංචිතයෙන් ඉවත් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හා පාදග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත සංචිතයේ සිය ස්ථාන රැක ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගියදා කොවිඩ් 19 ආසාදනය වූ කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බවත්, සම්පූර්ණයෙන් සුවය ලැබූ පසු සංචිතය සමග එක් වන බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා. කුසල් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ දී යි.

ඔහුට අමතරව ආසියානු කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුෂාන් හා බිනුර ප්‍රනාන්දු.

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 31 වැනිදා බංග්ලාදේශයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

1) Dasun Shanaka – Captain
2) Pathum Nissanaka
3) Dimuth Karunaratne
4) Kusal Janith Perera
5) Kusal Mendis – Vice Captain
6) Charith Asalanka
7) Dhananjaya de Silva
8) Sadeera Samarawickrama
9) Maheesh Theekshana
10) Dunith Wellalage
11) Matheesha Pathirana
12) Kasun Rajitha
13) Dushan Hemantha
14) Binura Fernando
15) Pramod Madushan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...