පළමු 20යි 20 තරගයේ දී ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුට 20යි 20 වරම්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් තිදෙනෙකු හෙට (30) තරගයේ දී ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා ගන්නා බවයි ඔස්ට්‍රේලියාව නිවේදනය කළේ.

Spencer Johnson, Aaron Hardie හා Matt Short යන ක්‍රීඩකයින් මෙලෙස 20යි 20 වරම් දිනා ගැනීමට නියමිතයි.

මෙම තරගාවලිය සදහා ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන්නේ මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන්.

ඩේවිඩ් වෝනර්, කැමරන් ග්‍රීන් හා ජොෂ් හේසල්වුඩ් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, ස්ටීවන් ස්මිත්, පැට් කමින්ස්, මිචෙල් ස්ටක් හා ග්ලේන් මැක්ස්වෙල්ට ආබාධ හේතුවෙන් 20යි 20 තරගාවලිය අහිමි වුණා.

මේ අතර, තරග 3 කින් යුත් 20යි 20 තරගාවලිය යටතේ ඩර්බන් හී දී පැවැත්වෙන පළමු තරගයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු රැකීමේ පිතිකරු ලෙස ට්‍රිස්ටන් ස්ටබ්ස් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, 20යි 20 තරගාවලියෙන් ක්වෙන්ටන් ඩී කොක් විවේක ගන්වා තිබීම හේතුවෙන්.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය මෙරට වේලාවෙන් හෙට රාත්‍රී 9:30 ට ආරම්භ වීමට නියමිතයි.

Australia’s XI:

Matt Short, Travis Head, Mitchell Marsh (capt), Josh Inglis (wk), Marcus Stoinis, Tim David, Aaron Hardie, Sean Abbott, Nathan Ellis, Adam Zampa, Spencer Johnson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...